ව්‍යාපාරික

මාතලේ ලොකු ළූණු වගාව 90%කින් පහතට

(උදයම්,මාතලේ )  – ලොකු ලූනු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ළූණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කුසුම් සෙනවිරත්න මහත්මිය පැවසුවේ මේ කාලය වන විට බීජ තාවන් දමා පැළ සිටුවා අවසන් වන බවය. එහෙත් මෙවර 10%ක් පමණ තවාන් පමණක් දමා ඇති බව ද ඒ මහත්මිය සඳහන් කළාය.

හේතුව වී ඇත්තේ වියළි කාලගුණික තත්වය ,මහවැලියෙන් ජලය ලබාදීම සිමා කිරීම, නිෂ්පාදන වලට මිලක් නොමැති වීම හා නිෂ්පාදන මිල ඉහළයාම බව ද ඒ මහත්මිය පවසයි.

මාතලේ ලොකු ලූනු වගාව මෙතරම් අඩු වී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

මහවැලි ජලාශවලින් ගොවීන්ට ජලය නිකුත් කිරීම කන්න හතරක සිට සීමා කර ඇති බවත් මහවැලි ජලය ගොවිතැනට නොදී මොරගහකන්ද ජලාශය පිරවීමට යොදාගන්නා බවත්  ගොවීන් තමන්ට දැනුම් දුන් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

Related posts

වසරකට රුපියල් බිලියන 13ක දැව ආනයනය කෙරේ

Mohamed Dilsad

වී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයි

Mohamed Dilsad

ඩොලරය යළිත් වාර්තාගත ලෙස ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment