දේශීය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවට දැනුම්දෙයි.

Related posts

තවත් කොවිඩ් මරණ 40 ක්

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන දැන්වීම දිස්ත්‍රික්ක කිහිපයකින් මුද්‍රණාලයට

Mohamed Dilsad

සැප්තැම්බර 23 සඳුදා රජයේ නිවාඩු දිනයක්

Editor O

Leave a Comment