දේශීය

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

(UTV | කොළඹ) – ලොව ශ්‍රේෂ්ඨම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නා බවත් ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව එහි වැඩිදුරටත් සඳහන්.

රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම ඉටු කරන අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත බඳු ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කොට ඇත.

Related posts

පානදුර වෙඩි තැබීමේ සැකකරුවන් සොයා STF ඇතුළු පොලිස් කණ්ඩායම් 5 ක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 243ක්

Mohamed Dilsad

ඉල්ලීම් 6ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment