දේශීය

විශ්‍රාම වයස සංශෝධනයට අනුමැතිය

(UTV | කොළඹ) – රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ද සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.

ඒ අනුව 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ඉතිහාසයේ පළමු වරට..

Mohamed Dilsad

2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළට

Editor O

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

Leave a Comment