දේශීය

“කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය”

(UTV | කොළඹ) – කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන මූලික දැක්ම පදනම් කර ගනිමින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13)ආරම්භ කෙරිණි.

මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

අදාළ යාන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ.

Related posts

නීති විරෝධී ආයතන 21ක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්

Editor O

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

Mohamed Dilsad

අධික වේගය හේතුවෙන් මාන්කුලමේ දරුණු රිය අනතුරක්

Mohamed Dilsad

Leave a Comment