දේශීය

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් පාර්ලිමේන්තුවට පැමිණෙයි

(UTV | කොළඹ) – අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

ඔහු දිවයිනට ඊයේ (11) පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී කළ අරාධනාවකට අනුවය.

මාර්ටින් චොන්ගොන් මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් යන මහත්වරුන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඊයේ පිළිගනු ලැබිය.

අන්තර් පාර්ලිමේන්තු සංගම් ලේකම්වරයාට කතානායකවරයා විසින් සිය නිල නිවසේදී අද රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබේ.

මාර්ටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය.

Related posts

කෙහෙළියට ඇප : නඩුව ඉහළ අධිකරණයට

Editor O

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි වැඩ

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 363ක්

Mohamed Dilsad

Leave a Comment