දේශීය

ශ්‍රීලංකා ජනපතිත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා ඇති ශෝක සටහන් පොතේ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සටහනක් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය රජ පවුල, රජය සහ ජනතාව වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

Related posts

ජනපතිට අනුර‍ගෙන් චෝදනා පිට චෝදනා

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු බන්ධනාගාරයට

Mohamed Dilsad

මීගමුව මහ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවසටම

Mohamed Dilsad

Leave a Comment