දේශීය

සමන්තා පවර් දිවයිනට

(UTV | කොළඹ) – සමන්තා පවර් මීට ටික වේලාවකට (10) පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහායි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් දිවයිනට පැමිණියේ.

ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

එම කාල සීමාව තුළ ඇය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

Related posts

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

Editor O

ව්‍යවසායන් 07ක රජය සතු කොටස් පැවරීමට අනුමැතිය

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

Mohamed Dilsad

Leave a Comment