දේශීය

සමන්තා පවර් දිවයිනට

(UTV | කොළඹ) – සමන්තා පවර් මීට ටික වේලාවකට (10) පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහායි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් දිවයිනට පැමිණියේ.

ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

එම කාල සීමාව තුළ ඇය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

Related posts

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

මැලේසියානු රැකියා සදහා රාජ්‍ය අංශය යොමු කරයි

Mohamed Dilsad

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment