දේශීය

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

(UTV | කොළඹ) – පාසල් දරු පරපුර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීමේ පියවරක් ලෙස පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරන බව කී අමාත්‍යවරයා හෙරොයින් කිලෝ ගණන් රටට ගෙන ඒමේ දී ඇල්ලූ අවස්ථා තිබූ බවද ඉතා සූක්ෂම අයුරින් ඒවා පාසල් දරුවන් අතරට ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද මා පියන් සහ පාසල් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සඳහන් කළේය.

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවැසූයේ අයිස් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඉතා පහසුයි බවත් මේවා වැලැක්වීම සඳහා නීතියක් නැති බවත්ය.

Related posts

හෙට සිට රාජ්‍ය ආයතන වලට කැඳවියයුතු ප්‍රමාණය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

සාකච්ඡා අසාර්ථක වුණොත් වෘත්තීය ක්‍රියමාර්ගයකට යනවා – ජෝසෆ් ස්ටාලින්

Editor O

Leave a Comment