දේශීය

රාජ්‍ය සේවකයින්ට වසර 05 ක නිවාඩුවක්

(UTV | කොළඹ) – විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන් හට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීමේ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයට හානියක් සිදුනොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණි.

පසුගිය ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ තීරණය ගෙන තිබුණි.

ඒ අනුව අදාළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ගැන වෛද්‍ය සභාවට පැමිණිල්ලක්

Editor O

මත්පැන් නිෂ්පාදන ආයතන 08ක බලපත්‍රවලට ආණ්ඩුව කරන්න යන දේ

Editor O

රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි

Mohamed Dilsad

Leave a Comment