දේශීය

IMF නියෝජිතයන් සමග තවත් සාකච්ඡාවක්

(UTV | කොළඹ) – දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් අතර තවත් සාකච්ඡාවක් අද(31) පැවැත්වෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා සහ තවත් නිලධාරීන් ඊට එක්වනු ඇති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය සංචාරය නිමවා අද මෙරටින් පිටත්වයාමටද නියමිතයි.

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවකට පැමිනිම සහ එහි ප්‍රගතිය විමසීම මෙම සංචාරයේ අරමුණ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර නිවේදනය කළා.

මෙරට රැඳී සිටි කාලය තුළ ඔවුන් ජනාධිපතිවරයා – මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ තවත් නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබුණා.

දෙපාර්ශවය අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මෙලෙස පවත්වා තිබුණා.

Related posts

රටට සහ සංස්කෘතියට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් හයේ පොතට දාලා..- අගරදගුරු

Editor O

මහවිරු සැමරුම් සමාජ මාධ්‍යයේ පළ කළ තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

Editor O

විනිසුරු වැටුපෙන් බදු අයකිරීම ගැන අධිකරණය දුන් අලුත්ම නියෝගය

Mohamed Dilsad

Leave a Comment