ක්‍රීඩා

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

(UTV |  එංගලන්තය) – එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, සිය මව් රටේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ 100කට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ජේම්ස් ඇන්ඩර්සන් මෙම වාර්තාව බිහි කළේ ඊයේ ආරම්භවූ එංගලන්ත – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදීයි.

ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් සිය මව්රටේදී ටෙස්ට් තරඟ 94 කටත්, ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් සිය මව් රටේදී ටෙස්ට් තරඟ 92 කටත් ක්‍රීඩා කර තිබෙනවා.

වසර 19 ක් අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඬුලු 600 ක් බිදහෙලූ පළමු වේග පන්දු යවන්නායි.

Related posts

ලෝක කුසලාන පරාජය ගැන කුසල් කටුනායකදී කතා කරයි

Mohamed Dilsad

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

ලෝක කුසලානයට යන අපේ කණ්ඩායම අද පිටත්වූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment