විදෙස්

සුරතල් බල්ලෙකුට MonkeyPox

(UTV |  ප්‍රංශය) – වඳුරු උණ ආසාදනය වී තිබෙන බල්ලෙකු ප්‍රංශයේ හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බල්ලාගේ හිමිකරුවන්ට ද වඳුරු උණ ආසාදනය වී ඇති අතර ඊට දින 12කට පසු බල්ලාගේ බඩේ සැරව බිබිලි ඇති වී ඇත.

තමන්ට රෝග ලක්ෂණ ඇති වූ පසු ඔවුන් තම බල්ලා වෙනත් පුද්ගලයින්ගෙන් සහ වෙනත් සුරතල් සතුන්ගෙන් ඈත් කර ඇති නමුත් ඔවුන්ගේ ඇඳේ සතා සමඟ නිදාගෙන ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ බල්ලෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය බව පැවැසෙයි.

ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වෛරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා මිය යයි

Mohamed Dilsad

ප්‍රංශයෙන් සිරියාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

චීන නැව අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment