දේශීය

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

(UTV | කොළඹ) – මේ මස 27 වන දායින් අවසන් වන හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් උදා වී තිබේ.

ඊට හේතුව හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ ජූලි 27 වන දා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වන දා දක්වා ය.

ඒ අනුව, අගෝස්තු 27 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගතවන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙරය.

එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

එම නිසා මෙම නීතිය අගෝස්තු 27 වන දායින් පසු ඉබේ ම අහෝසි වී යන තත්ත්වයක් උදා වී තිබේ.

Related posts

අද විදුලි කප්පාදු වේලාවන් මෙන්න

Mohamed Dilsad

සුළු පිරිසකගේ බලපෑමට නොයන බව ඇමති කෙහෙළිය කියයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment