දේශීය

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

(UTV | කොළඹ) – ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අදාළ නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Related posts

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Mohamed Dilsad

කොවිඩ් පාලනයට දිස්ත්‍රික්ක 25ට හමුදා නිලධාරීන් පත් කෙරේ

Mohamed Dilsad

දේශබන්දු තෙන්නකෝන් කවුද ?

Mohamed Dilsad

Leave a Comment