දේශීය

අරගලකරුවන්ට තව පැය කිහිපයයි

(UTV | කොළඹ) – ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගා ඉවත්කර ගැනීමට දී තිබූ කාලය අද පස්වරු 05 ට අවසන් වනවා.

පෙරේදා මෙන්ම ඊයේ දිනයේදීත් කොටුව පොලිසිය විසින් එම ස්ථානයට ගොස් අරගලකරුවන්ට එය නිවේදනය කර තිබුණා.

එසේම එම නිවේදනයෙන් කොටුව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළයුතු බවයි.

මෙම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගනු ලබන බවද එම නිවේදනයෙන් කොටුව පොලීසිය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහිදී පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහජනයාගේ අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසටයි.

පොලිසියේ දැන්වීමට එකගවෙමින් පිරිසක් ඊයේ දිනයේදීත් අරගලභූමියෙන් ඉවත්ව තිබුණා.

එහෙත් තවත් පාර්ශව කිහිපයක් අවධාරණය කර තිබුණේ කිසිදු ආකාරයකින් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

Related posts

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Editor O

අතුරු අයවැය ඡන්ද විමසීම : සජිත් සහ ඩලස් තීරණයක් ගනී

Mohamed Dilsad

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment