දේශීය

පෞද්ගලික බස් සංගම් ධාවනයෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.

ඒ දිවයින පුර QR කේත ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින්.

සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඉන්ධන ගැටලුව සදහා කඩිනම් විසදුමක් ලැබෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

බස් සංගම් කිහිපයක් අද වර්ජනයක් ක්‍රියාත්මක කළද දිවයින පුරා පිහිටි ලංගම ඩිපෝ මගින් බස් රථ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද දිනයේදී උපරිම බස් රථ සංඛ්‍යාවක් යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.

Related posts

නව පාසල් වාරය අද ඇරඹේ

Editor O

ආණ්ඩුවේ වියදම මෙන්න

Editor O

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment