ක්‍රීඩා

යුපුන්ගේ තීරණාත්මක දිනය අදයි

(UTV |  බර්මින්හැම්) – බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 අවසන් පූර්ව වටයේ තරඟ අද පැවැත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන එම තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11යි 55ට පමණ ආරම්භ වනවා.

ඊයේ පැවති එම ඉසව්වේ මූලික වටයේ තරඟයකින් යුපුන් අබේකෝන් තත්පර 10යි දශම 06කින් එම ඉසව්ව නිමා කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා එංගලන්තයේ බර්මින්හැම් බලා ගිය ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක් සහ එම කණ්ඩායමේ කළමනාකරු අතුරුදන්ව ඇත.

ඔවුන් සොයා බර්මින්හැම් පොලීසිය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අදින් ඇරඹේ

Mohamed Dilsad

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment