දේශීය

පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට

(UTV | කොළඹ) – රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (01) නියෝග කළේය.

මෙම සැකකරු විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය. අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ප්‍රකාරව අත්අඩංගුවට ගත් මෙම සැකකරු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව එහිදී මහේස්ත්‍රාත්වරයා අද (01) මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

මෙම නඩුව අද (01) කැඳවු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු මුළු ලෝකෙම දැනගෙන සිටි අවස්ථාවක හදුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව යි. ඒ අනුව හදුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල වෑබඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ධානිශ් අලී නැමැත්තාය.

Related posts

කොළඹ නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සංචාරක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළට

Mohamed Dilsad

කොරෝනා නිසා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු දෙකක් වසයි

Mohamed Dilsad

Leave a Comment