දේශීය

ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයට එරෙහිව අත්සන් 1640ක විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ජන අරගලයට සක්‍රීයව දායක වී ජනතාව දැනුම්වත් කරමින් සිටි ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානම පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බව දන්වමින් කතෝලික පූජක තුමන්ලා,

සහෝදරවරු සහ කන්‍යා සොයුරියන් 1640 ක ගේ අත්සනින් යුතු විශේෂ නිවේදනයක් ඊයේ (31) නිකුත් කර ඇත.

තමන් ද මෙම ජන අරගලයේ කොටස්කරුවන් බව පවසන එම පියතුමන්ලා ඇතුළු පූජ්‍ය පිරිස එම නිවේදනයෙන් දක්වා සිටින්නේ අරගලයට සම්බන්ධ වූ පිරිස අත්අඩංගුවට ගෙන මර්ධන ක්‍රියාවලියක් දියත් කිරීම නොව, එම ජන අරගලයට හේතු වූ කාරණා සොයා ඒවාට පිළිතුරු සැපයීම බවය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වූ පසු විරෝධතා මර්ධනය වැඩිවූ බවද හදිසි නීතිය පැනවීම මගින් භාෂණයේ නිදහස හා රැස්වීමේ නිදහස මර්ධනය කර, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වැඩි වී ඇති බව ද එම නිවේදන‌යේ සඳහන් වේ.

තමන්ද සහාය දක්වන මෙම ජන අරගලයට සහෝදර පුරවැසියන්ගෙන් ද අනෙකුත් රාජ්‍යයන් හා ජාත්‍යාන්තර සංවිධානවලින් ද ඉල්ලා සිටින බවත් මෙම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජුලි 25 වැනි දින විරෝධතාකරුවන් පිරිසකට සහ ජීවන්ත පීරිස් පියතුමාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබිය.

 කතෝලික පූජකතුමන්ලා ඇතුළු පූජ්‍ය පිරිස නිකුත් කළ නිවේදනය මෙතනින්;  

Related posts

නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය කළොත් දැඩි දඬුවම්

Editor O

සුරාසල් වැසෙයි

Mohamed Dilsad

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයට වන ජාතික ආයතනය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment