දේශීය

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

(UTV | කොළඹ) – අද (31) රාත්‍රීයේ තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ඊයේ දිනයේදී ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත්, එහි ගොඩබෑම් කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.

මේ වන විට ගෑස් මිලදී ගැනීම සදහා විවිධ ප්‍රදේශවල පැවැති පෝලිම් අවසන් ව ඇති බව ඔහු පැවසීය.

අඛණ්ඩ ගෑස් සැපයුමක් සදහා දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙදපොළට නිකුත් කිරීමේ කටයුතු සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

IMF නියෝජිතයෙක් අද දිවයිනට

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය පිලිබඳ අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment