ක්‍රීඩා

ආසියානු කුසලානය UAE ගෙනගියත් සත්කාරකත්වය ලංකාවට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කල බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කරනවා.

එහි සභාපති ජේ ෂා කියාසිටියේ තවදුරටත් ශ්‍රී ලංකාවට එහි සත්කාරක අයිතිවාසිකම් හිමිවන බවයි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම අර්බුදයකට මුහුණ දෙමින් සිටීම මීට හේතුවයි.

අවසන් වරට 2018 වසරේ පැවති ආසියානු කුසලානය මෙවර පැවැත්වෙන්නේ විස්සයි 20 ක්‍රමයටයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං අතර සුදුසුකම් ලැබීමේ තරග වටයකින් අනතුරුව එහි ජයග්‍රාහකයා ප්‍රධාන තරගාවලියට එක් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමග තරග වැදීමටයි.

Related posts

වසර 40ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පැතුම් නිස්සංක තැබූ වාර්තාව

Mohamed Dilsad

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

Leave a Comment