දේශීය

‘රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණයි’

(UTV | කොළඹ) – රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (ජූලි 27) පැවසුවේ ය.

එසේ ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ද පොදුජන පෙරමුණ ශක්තිමත්ව ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වන බව ද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලගැන්වීම් කටයුතු මේ වන විටත් සාර්ථකව කරගෙන යන බව ද ඒ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විටත් පියවර රැසක් ගනිමින් සිටින බව ද ඉන්දික අනුරුද්ධ පැවසුවේ ය.

තම පක්ෂය පිළිබඳව ජනතාවගේ මතය ඉදිරි මැතිවරණයකදී බලාගත හැකි බව කී මන්ත්‍රීවරයා ජනතාව තම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා නම්, එය භාර ගැනීමට පක්ෂයක් ලෙස සූදානම් බව ද කීය.

තම පක්ෂයේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගට ම ක්‍රියා කරන බව ද ඔහුගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පක්ෂය කටයුතු කරන බව ද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීය.

Related posts

ජනතාව ව්‍යවසායකයන් කර රට දියුණු කිරීම පක්ෂයේ අරමුණයි – සර්ව ජනබලය නායක දිලිත් ජයවීර

Editor O

මාවනැල්ලේ දී පොහොට්ටු මතගැටුමක්

Mohamed Dilsad

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

Leave a Comment