ගොසිප්

‘මම ජනතාවගේ මිතුරෙක්’ – රනිල් කියයි

(UTV | කොළඹ) – තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවැසිය.

ජනපති ලෙස තේරීපත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

තවද, “.. රාජපක්ෂලා කොහොමද මගේ පැරණි මිතුරන් වෙන්නේ. මම හැමදාම හිටියේ ඔවුන්ට විරුද්ධව. ඔයා අද ඇවිල්ලා කියලා රාජපක්ෂලා මගේ මිතුරන් කියලා.

මම එක දෙයක් කියන්නම්. ජනමාධ්‍ය වේදියෙක් වුණාම ඔබ ගැඹුරින් අධ්‍යනය කරන්න ඕන. මේ වගේ ප්‍රශ්න අහන්න එපා. මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙමෙයි. මම ජනතාවගේ මිතුරෙක්…”

Related posts

කළු ගලක් ඇතුළේ කෝටි ගණනක් වටින මැණික් ගලක් [PHOTOS]

Mohamed Dilsad

අකිලට ආසියානු කුසලානය අහිමි වුණේ ඇයි?

Mohamed Dilsad

මැතිවරණ දිනය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව

Mohamed Dilsad

Leave a Comment