දේශීය

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(UTV | කොළඹ) – වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

විනිවිඳ පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ විරෝධතා පිළිගෙන පෙත්සම ප්‍රතික්ෂේප කරන බවයි.

Related posts

අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Mohamed Dilsad

Leave a Comment