දේශීය

කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් තහවුරු කරනු ලැබීය.

ලිපිය සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ 2022 ජූලි මස 14 වන දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිත්‍යානුකූලව සිය ධිරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ශ්‍රි ලංකාවේ සිංගප්පූරු තනාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත ලැබුණු බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්වීමෙන් අනතුරුව අදාළ ලිපිය යොමුකර තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 එක වගන්තියට අනුව කථානායකවරයා වෙත තම අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට හැකියාව පවතී.

Related posts

යාපනය රෝහලේ දී කොරෝනා රෝගීන් 3කු හදුනා ගනී

Mohamed Dilsad

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ජාතික රණවිරු සැමරුම අද

Mohamed Dilsad

Leave a Comment