දේශීය

යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු අද සිට

(UTV | කොළඹ) – යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අමාත්‍යාංශය පැවසුවේ කොළඹ වරායෙන් පොහොර ගොඩබෑමේ කටයුතු පැය 24 පුරාම සිදු කෙරෙන බවයි.

ඒ අනුව දින 10ක් ඇතුළත පොහොර ගොඩබෑමේ කටයුතු අවසන් කිරීමට නියමිතයි.

ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් එම පොහොර තොගය දිවයින පුරා බෙදාහැරිම සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියා.

Related posts

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 2,000ක්

Editor O

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 20-20 අවසන් තරඟය අද (17) රාත්‍රියේ

Editor O

ලබන සඳුදාට නව දුම්රිය ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment