ගොසිප්

‘තාත්තා හොදින් ඉන්නවා’ – පුතා කියයි

(UTV | කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්වය පිළිබද අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමෙන් වළකින්නැයි මන්ත්‍රීවරයා සියළු දෙනාගෙන් ඉල්ලීමක් කළා.

නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කටාර් රාජ්‍යයේ ඉන්ධන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයන් අතර නාමල් රාජපක්ෂ යනුවෙන් නමක් සටහන් වී තිබීම පිළිබදව මෙහිදි අදහස් පළවුනා.

තමාට හෝ තම පවුලේ කිසිවෙකුට අදාල සමාගම සමග සම්බන්ධතාවයක් නොමැති බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

Related posts

කතුරු පහරක් කළ හදියක්

Mohamed Dilsad

මහමැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට?

Mohamed Dilsad

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment