දේශීය

ඉන්ධන අර්බුදය : රුසියාව සමග සාකච්ඡාවට ජනපති සූදානම්

(UTV | කොළඹ) – ජුලි මස 10 දා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.

ඉදිර වසර සඳහා ඖෂධ ගෙන්විමට මේ වන විට මුදල් වෙන්කර ඇති බවත් ජුලි මස 5 දා සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ගෑස් ලබාදීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර අවසන් බව ඔහු පැවැසීය.

“මේ වන විටත් ජනපතිතුමා රුසියානු ජනපතිවරයා සමග දුරකතයෙන් කථා කර යම් එකඟතාවයකට එළැඹීම සඳහා තානාපති මාර්ගයෙන් මේ වන විට අවශ්‍ය සාකච්ඡා පවත්වලා රුසියානු ජනපතිවරයාට ලිපියක් යවලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රුසියාවත් සමග සාකච්ඡා වෙමින් යනවා.

ඒ වගේම ඉන්ධන ලබාගැනිම සඳහා ඉදිරි කාලයේදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යාමටත් ජනපතිවරයා බලාපොරොත්තු වෙනවා. ජනතාව මුහුණ දුන් බරපතල ප්‍රශ්න කිහිපයකට මේ වන විට රජය සාධනීය විසඳුම් ලබාදී තිබෙනවා.”

Related posts

සජිත් සමාව ගනී.

Mohamed Dilsad

අල්ලස් මුදලක් ලබාගත් පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

Mohamed Dilsad

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment