දේශීය

ඉක්මනින් පැතිරෙන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

(UTV | කොළඹ) – නව කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරයි.

ජීවන්දර මහතා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවය. මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකේ.

කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් තමත් හමුවී නොමැති බවද ජීවන්දර මහතා සඳහන් කර තිබේ.

Related posts

කොවිඩ් දේහ භූමදානය සඳහා ඉරණතිව් ප්‍රදේශයේ දූපතක් හඳුනා ගැනේ

Mohamed Dilsad

UPDATE : රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment