දේශීය

“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචන

(UTV | කොළඹ) – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ (ජූනි 23 ) අලුයම මෙරටට ළඟා වීමට නියමිතව තිබුණ ද එම නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවැසීය.

මෙම නෞකාව අද (ජූනි 24) මෙරටට ළඟා වීමට නියමිතව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ හේතුවෙන් ඊයේ සේම අද දින ද සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් රට පුරා බෙදා හැරීමට සිදුවන බව ඇමතිවරයා සඳහන් කළේ ය.

එසේ ම ඔටෝ ඩීසල් උපරිම ධාරිතාවකින් බෙදා හැරීමට කටයුතු යොදා ඇති නමුත් සුපර් ඩීසල් බෙදා හැරීම සීමා කිරීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

වන්දනාකරුවන් නැතත් ශ්‍රී පාදස්ථානයේ තේවාවන් සහ පුද සිරිත් අඛණ්ඩව

Mohamed Dilsad

සති දෙකෙන් පුංචි ඡන්දට විසදුමක්

Mohamed Dilsad

වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment