ප්‍රමුඛ පුවත 1

පානීය ජාල ගැටළු දැනුම් දීමට 117 දුරකථන අංකය

(උදයම්, කොළඹ ) –   යම් පානීය ජල ගැටළු හා නියං තත්ත්වයෙන් පීඩා විඳින්නේනම්  117ක් දුරකථන අංකයට දැනුම්දිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථ‍ානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථ‍ානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රියාන්ත කොඩිප්පිලි මහතා කියා සිටියේ එම අංකය පැය 24 පුරාම සක්‍රීයව පවතින බවයි.

 

දැඩි වියළි කාලගුණික තත්ත්වය හා නියං ගැටළු හේතුවෙන් පානීය ජල ගැටළු උද්ගතව , ඇතැම් ප්‍රදේවල නළ ජලයට ලවණ මුසුවීමේ අවදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබේ.

සති කිහිපයකට කලින් පෙර සූදානම් වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත්, එසේ වුවද ත්‍රීකුණාමලය, මහනුවර,ගම්පහ,හම්බන්තොට.මොණරාගල,බදුල්ල, අනුරාධපුර, යාපනය,මන්නාරම ඇතුළු දිස්ත්‍රීක්ක කිහිපයකම ජල ගැටළු වාර්තාවී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

පානීය ජල ගැටළු ඇති ස්ථානවල ජලාපවාහන මණ්ඩලය, දිස්ත්‍රීක් ලේකම් කාර්යාල හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණයෙන් යුතුව සහන කටයුතු ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ඊට අනුබද්ධ සියලුම ආයතනවල දිස්ත්‍රීක් නිලධාරීන් දැනුවත් කර ඇති බව පෙන්වා දුන් කොඩිප්පිලි මහතා ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

සෙටොගිරි නෞකාව ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු වෙයි

Mohamed Dilsad

කර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවේ වර්ධනයක්

Mohamed Dilsad

යුද හමුදාවේ 70 වන සංවත්සරය

Mohamed Dilsad

Leave a Comment