දේශීය

අරගලකරුවන් පිරිසක් ආරක්ෂක අංශ භාරයට

(UTV | කොළඹ) – කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

ගාලූ මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අද අලුයම සිට අට්ටාල ඉදිකර තිබුණා.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි සඳහන්.

ගාලූ මුවදොර විරෝධතාවට අදට දින 73 ක් ගතවන අතර ගෝඨා ගෝ ගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක් පිවිසුම් දෙක අවහිර කරමින් විරෝධතාවේ නිරත වී තිබුණා.

අනතුරුව අද උදාසන ආරක්ෂක අංශ හා පොලීසිය එක්ව මෙම පිරිස ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අතරවාරයේ මෙම විරෝධතාවේ නිරත පිරිස පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කලා.

මේ අතර විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Related posts

පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 705ක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවට තිිදෙනෙක්ගෙන් යුත් ගැලවීමේ කණ්ඩායමක්

Mohamed Dilsad

Leave a Comment