දේශීය

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

(UTV | කොළඹ) – අඩු ආදායම් ලබන සෑම ගොවි පවුලකටම යූරියා පොහොර මිටියක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පොහොර මිටියක් බැගින් යූරියා පොහොර මලු 365,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

පළාත් කිහිපයක වැසි වැඩිවේ

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ 563 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment