දේශීය

මහ කන්නයට යූරියා ගේන්න ඉන්දියාවෙන් ණයක්

(UTV | කොළඹ) – මහ කන්නය සඳහා අවශ්‍ය කරන යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඉන්දීය අපනයන – ආනයන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් 55ක ණයක් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා මේ වන විට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු ඉදිරියේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කිරීමට නියමිත වී ඇති අතර 2022-23 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර සම්පාදනය කිරීම සඳහා යෝජනාවක් සම්මත වී තිබේ.

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ වගා කිරීමට නියමිත හෙක්ටයාර 800,000ක් සඳහා වී වගා කිරීමට අවශ්‍ය යූරියා පොහොර ඇතුළු සෙසු පොහොර වර්ග සම්පාදනය කරගැනීම යි.

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 150,000ක් මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 45,000ක් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 36,000ක් අවශ්‍ය වනු ඇත.

අදාළ පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් ආනයනය කර ගොවීන් වෙත බෙදාහැරීම සිදුකිරීමට නියමිතයි.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

ධීවරයන් මුහුදේ විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment