දේශීය

අරගලකරුවන්ට පණිවිඩයක්

(UTV | කොළඹ) – ගෝටාගෝගම’ අරගලකරුවන් හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබේ.

එහි එක් ඉදිරි පියවරක් ලෙස “ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම රට පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි යි.

එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ කණ්ඩායම්වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේ දී අවස්ථාව ලැබෙනු ඇති බව යි වාර්තා වන්නේ.

Related posts

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය මත පනවා ඇති බදු ඉවත් කිරීමට අවධානය

Mohamed Dilsad

හම්බන්තොට අධිවේගයේ පැය 24 ක ආදායම ලක්ෂ 200 ඉක්මවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

Mohamed Dilsad

Leave a Comment