දේශීය

IMF ණය සහන ගැන අගමැතිගෙන් ඉඟියක්

(UTV | කොළඹ) – රට තුළ පවතින අර්බුද අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබන මාසයේ දී ණය සහනයක් ලබා ගැනීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක ණය මුදලක් අපේක්ෂා කරන බවයි.

ඊට අමතරව චීනය සහ ජපානය යන රට වලින්ද ණය සහන අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා එහි දී කියා සිටියා.

ඔහු ප්‍රකාශ කළේ, එම ණය මුදල් ලැබීමෙන් පසු ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ගැටලු අවම කර ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවයි.

පවතින තත්වය හමුවේ ඉදිරියේ දී මෙරට උද්ධමනය සියයට 40 දක්වා ඉහළ යා හැකි බව අග්‍රාමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ඔහු කියා සිටියේ, පවතින අර්බුදකාරී තත්වය අවම කර ගැනීම සඳහා වියදම් අඩු කිරීමේ ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.

2025 වසර වන විට සියයට 1ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම හෝ එය ඉක්ම වීම සිය ඉලක්කය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට තීරණයක්

Mohamed Dilsad

වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment