දේශීය

අද ගෑස් නොබෙදයි – ලිට්‍රෝ

(UTV | කොළඹ) – ගෘහස්ථ ගෑස් බෙදා හැරීම අද දිනයේදී සිදුනොවන බැවින් ගෑස් පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ගෑස් තොග අවසන් වීම හමුවේ ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය අත්හිටුවීමට සිදු වූ බවත් අත්‍යවශ්‍ය සේවාවලට සහ ව්‍යාපාර කටයුතු සඳහා පමණක් ගෑස් තවදුරටත් නිකුත් කරන බවත් එම සමාගම සඳහන් කළා.

මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 7500 කින් යුත් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඊයේ පස්වරුවේ ගෙවා තිබුණා.

එම නෞකා දෙකෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත පළමු නෞකාව අනිද්දා ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතයි.

එම නෞකාවෙන් ගෑස් ගොඩබෑමෙන් පසුව ලබන සිකුරාදා හෝ සෙනසුරාදා වනවිට නැවත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමේ හැකියාව ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගම කියා සිටියේ.

Related posts

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

Editor O

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

ඇමෙරිකාවෙන් එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව, ලොව පුරා නගරවල විරෝධතාකරුවන් වීථි බසිති.

Editor O

Leave a Comment