දේශීය

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වෙයි

(UTV | කොළඹ) – නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (මැයි 19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

සබරගමුව පළාතේ ත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේ ත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Related posts

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

Editor O

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 291 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment