දේශීය

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අවසන් කිරීමට තිබූ කාලසීමාව දීර්ඝ කර තිබේ.

ඒ අනුව ලබන 20 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති තහනම ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ රට තුළ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙමාපිය, ගුරුවරු සහ විදුහල්පතිවරුන් සිදුකළ ඉල්ලීම මත එම තහනම 20 වෙනිදා දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related posts

රංජන්ට එරෙහි නඩුව අවසන් කිරීමට සූදානම්

Mohamed Dilsad

නෙළුම් පොකුණ අවට රථ වාහන තදබදයක්

Mohamed Dilsad

පොලිස් අණ නොතකා පළාගිය 4දෙනා රිමාන්ඞ්

Mohamed Dilsad

Leave a Comment