දේශීය

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

(UTV | කොළඹ) – ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ පෞද්ගලික බවුසර්හිමියන් යොදාගනිමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා තැබු නිවේදනයේ ඇතුළත්ය.

Related posts

කඩවත – මීරිගම අධිවේගී මාර්ග ඉදිකිරීමට, චීන එක්සිම් බැංකුවෙන් ගන්නා ඩොලර් මිලියන 500ක ණය මුදලේ, පොලී අනුපාතය 2.5% සිට 3.5% දක්වා ඉහළ ට

Editor O

පාසල් අධ්‍යාපනය සඳහා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

Editor O

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

Editor O

Leave a Comment