දේශීය

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

(UTV | කොළඹ) – ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවල සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර දුම්රිය, රජය සතු බවුසර් සහ පෞද්ගලික බවුසර්හිමියන් යොදාගනිමින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම වර්ජනයේ යෙදී සිටින ඇතැම් පෞද්ගලික කුලී බවුසර් සාමාජිකයින් බෙදාහැරීම් ආරම්භ කර ඇති ටැංකිවලට බාධා කරන බවට හඳුනාගෙන ඇති බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා තැබු නිවේදනයේ ඇතුළත්ය.

Related posts

ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිතයකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් හමුවේ

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද

Mohamed Dilsad

ලොව හොඳම විද්‍යාඥයන් අතර සිටින, ආචාර්ය චන්න ජයසුමනට විශ්වවිද්‍යාලයෙන් කැපිල්ලක්..?

Editor O

Leave a Comment