දේශීය

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමය සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව ය.

ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග ඊයේ (අප්‍රේල් 29) පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බව එම සංගමය පැවසීය.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉවත් වන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම සූදානම් කර ඇති බව ය.

ඉන්ධන බෙදා හැරීම පාර්ශව 3ක් මගින් සිදු කරන බව ත් රජයට අයත් බවුසර්, ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අයත් බවුසර් සහ පෞද්ගලික අංශයට අයත් බවුසර් මගින් එය සිදු කරන බව ත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, පෞද්ගලික අංශයට අයත් කුලියට ගන්නා බවුසර් සඳහා පසුගිය වසරේ ජූලි මාසයේ සිට අවස්ථා 5කදී මිල ගණන් සංශෝධනය කර ඇති අතර එය අවසානයේදී සිදු කරන ලද සංශෝධනයට අනුව 84%ක වර්ධනයක් බව ය.

Related posts

පාසල් පැවැත්වෙන දිනවල වාහන ධාවනය පිළිබඳ විශේෂ තීරණයක්

Editor O

මේ දුරකථන ඇමතුම ආවාට මුදල් දාන්න යන්න එපා – පොලීසිය

Mohamed Dilsad

ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment