දේශීය

“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා”

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (අප්‍රේල් 29) පැවති සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී එකඟ වූ බව ය.

රට පාලනය කිරීමට ජනාධිපතිවරයාට සහ නව අමාත්‍ය මණ්ඩලයට සහය වීම සඳහා ජාතික සභාවක් පත් කිරීමට ත් එහිදී එකඟ වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ පක්ෂ 11ක නායකයින් සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මම එකඟතාවන්ට එළඹී තිබේ.

Related posts

සරත් වීරසේකරට කොළඹින් අති විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment