දේශීය

“උනුත් එකයි. මුනුත් එකයි,” : සජිත් කියන කතා

(UTV | කොළඹ) –“උනුත් එකයි. මුනුත් එකයි,” යන සංකල්පය සමගි ජන බලවේගයට අදාළ නොවන අතර සම්ප්‍රදායික විපක්ෂයක කාර්ය භාරය වෙනුවට නූතන දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරය සමගි ජන බලවේගය ඉටු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වූ අවස්ථාවේදී ය.

ඇතැමුන් 225 ම ගෙදර යා යුතු බව ප්‍රකාශ කළ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දෙනා සම්බන්ධයෙන් ඒ ප්‍රකාශය නිවැරදි නොවන බව මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය රෝහල් සඳහා අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමට විපක්ෂයක් ලෙස කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා සමහරු මෙම සත් කාර්යය පවා ” වැඩක් නැති එකක් සේ සලකන බව ද” පැවසීය.

රට ගොඩනැගිය යුත්තේ දත්ත මත සහ විද්‍යාත්මක හේතු මත පදනම් වූ පැහැදිලි වැඩපිළිවෙළකින් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බව වැඩිදුරට ත් ප්‍රකාශ කර සිටියේ ය.

Related posts

2024 දී යුද හමුදාව ගැන ගන්න යන විශේෂ තීරණය

Mohamed Dilsad

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට දෙන්න යයි

Mohamed Dilsad

Leave a Comment