දේශීය

2024 දී යුද හමුදාව ගැන ගන්න යන විශේෂ තීරණය

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

 

ඒ අනුව එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

 

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට සමගාමීව ඕනෑම ආරක්‍ෂක අභියෝගයකට මුහුණ දීම සඳහා 2030 වසර වන විට උපායමාර්ගික සහ තාක්‍ෂණිකව සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Related posts

නිරෝධායනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ කාන්තාවක් පලා යයි

Mohamed Dilsad

අද දවසේ ලංකාවට බලපාන කාළගුණ තත්ත්වය

Mohamed Dilsad

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment