දේශීය

නිශාන්තට හා ලොහාන්ට පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත්

(UTV | කොළඹ) – පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා ඇති බවයි.

ඒ අනුව,

01. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

02. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

Related posts

දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නවතී

Mohamed Dilsad

මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment