දේශීය

රටපුරා දැවැන්ත විරෝධතා

(UTV | කොළඹ) – ඉන්ධන හිඟය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබේ.

ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

මෙම විරෝදතා හේතුවෙන් හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල, ගාල්ල, බදුල්ල – කොළඹ මාර්ගය හපුතලෙන්, සහ මාතර යන නගරවල මාර්ග අවහිර වී තිබේ.

මෙම උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රියන් රඹුක්කන දක්වාත්, උඩරට මාර්ගයේ පැමිණෙන දුම්රිය කඩිගමුව දක්වාත් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වැඩි මිලට සහල් අළෙවි කළ ස්ථාන 915 වටලයි…

Editor O

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහි පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment