දේශීය

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 2 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඔහුට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (18) නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.

Related posts

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කොරෝනා පොකුර ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් කළුආරච්චි දිවුරුම් දෙයි

Mohamed Dilsad

වසන්ත මුදලිගේ දින 90ක් රඳවා තබා ගැනීම ස්ටාලින් හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment