ගොසිප්

ෆොන්සේකා ජනපති ධූරයත් ඉල්ලයි

(UTV | කොළඹ) – ”අපිට ආණ්ඩුව දෙනවා නම් ජනාධිපති ධූරයත් එක්ක ම දෙන්න. නැතුව එපා,” යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (අප්‍රේල් 8) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ය.

”මගේ පෞද්ගලික මතය අපි ආණ්ඩුව භාර ගන්නවා නම්, භාර ගන්න ඕනේ ජනාධිපති ධූරයක් සහිත ආණ්ඩුවක්. ඊට වැදගත් දූෂණ නැති පිළිගැනීමක් ඇති අයගෙන් 113ක් හැදිය යුතුයි. මිනිස්සුන්ට ව්‍යවස්ථාව හෝ ආර්ථික විශ්ලේෂණ නෙවේ මේ වෙලාවේ වැදගත් හරි උත්තරයක්.

මගේ පෞද්ගලික මතය මේ ජනාධිපති ධූරය අහිමි වීමේ ආදීනව ගොඩක් තිබුණා. ඒවා බොහො ම දුරදිග බලා කළයුතු දේවල්. ව්‍යවස්ථානුකූලව පළාත් සභා පවතින ක්‍රමවේදයක් තිබෙනවා.

පළාත් සභා පවතින රටක මම හිතනවා ජනාධිපති ධූරයක් තිබිය යුතුයි. එහෙම නම් අපි රට භාර ගන්නකොට තමුන්නාන්සේලා ජනාධිපති ධූරයත් එක්ක ආණ්ඩුව භාර දෙන්න. ඒ හින්දා මේක විසඳන්න බැඳිලා ඉන්න කට්ටිය ඉතා ඥාණාන්විතව වැඩ කරන්න ඕනේ කාලයක්.”

Related posts

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

කොරෝනා වෛරසය ඇත්තටම මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවනවාද ?

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment