දේශීය

දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන

(UTV | කොළඹ) – අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කලේ ඒ සඳහා ලංගම ඩිපෝ 05 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.

මේ අතර මෙම මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ , ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි.

මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළා.

Related posts

දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට නියෝග

Mohamed Dilsad

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment